අස්ථානගතවූ දුරකථනයක් සොයා ගැනීමේ ක්‍රමවේදය කුමක්ද? • ශ්‍රි ලංකා පොලිසිය විසින් අස්ථානගත වූ ජංගම දුරකථනයක් සොයා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදයක් (www.ineed.police.lk) 2018 දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කරන ලදී. පොලිස් ස්ථාන වල ගොනු කරනු ලබන අස්ථානගත වූ ජංගම දුරකථන සම්බන්ධ පැමිණිලි ශ්‍රි ලංකා පොලිසිය විසින් එම පද්ධතියට යොමු කරනු ලබයි.
දුරකථනයක් අස්ථානගතවූ විට පළමුව කළ යුත්තේ කුමක්ද? • සිම්පත් විසන්ධි කළ යුතුයි.
විසන්ධි කළ අංකය නැවත ලබාගත හැකිද? • ඔව්. අදාල දුරකථන සමාගමෙන් එම අංකයට නව සිම්පතක් ලබාගත හැකියි.
නැතිවූ දුරකථනයේ IMEI අංක නොදන්නේ නම් සොයා ගන්නේ කෙසේද? • නැතිවූ දුරකථනයේ තිබු දුරකථන අංක වලට අදාලව දුරකථන සමාගමෙන් ලිඛිත ඉල්ලීමකින් ලබාගත හැකියි.
අස්ථානගතවූ දුරකථනයක් සොයා ගන්නේ කෙසේද ? ක්‍රම 2ක් පවතී 1. දුරකථනය අස්ථානගතවූ ප්‍රදේශයට අදාල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කිරීම. 2. www.ineed.police.lk වෙබ් අඩවිය ඔස්සේ අදාල පොලිස් ස්ථානය වෙත මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ(online) පැමිණිල්ල ගොනු කිරීම.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත් පැමිණිල්ලක් යොමු කළ යුතුද? • නැත. පැමිණිලි භාරගන්නේ පොලිස් ස්ථාන වලින් පමණි.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (online)පැමිණිල්ලක් යොමු කළ විට පොලිස් ස්ථානය වෙත පැමිණිලි කළ යුතුද? • නැත.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ (online)පැමිණිල්ලක් යොමු කළ විට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටත් පැමිණිල්ලක් යොමු කළ යුතුද? • නැත. පොලිස් ස්ථාන විසින් එම පැමිණිලි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබයි.
පොලිස් ස්ථානයේ ගොනු කරන පැමිණිල්ලේ පිටපත් තැපෑලෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුද? • නැත.
පැමිණිල්ලේ වර්තමාන තත්ත්වය (Status) දැනගන්නේ කෙසේද ? • පොලිස් ස්ථානයක් මඟින් ගොනු කරන ලද පැමිණිල්ල පාරිභෝගිකයාට www.ineed.police.lk වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කරගැනීමෙන් පරික්ෂා කරගත හැකියි.
නැතිවූ දුරකථනයේ තිබු WhatsApp/IMO/Viber ගිණුම නැවත ලබාගන්නේ කෙසේද ? • නැතිවූ දුරකථනයේ තිබු සිම්පත් විසන්ධි කර නැවත ලබාගන්න. • ඉන්පසු ස්මාර්ට් ජංගම දුරකථනයක් මාර්ගයෙන් නැවත WhatsApp/imo/Viber ගිණුම සක්‍රිය කර ක්‍රියාකාරීත්වය නැවත ලබා ගන්න. එවිට ඔබගේ නැතිවූ දුරකථනයේ තිබු WhatsApp/imo/Viber ගිණුම් අක්‍රීය වේ. මෙමගින් ඔබගේ WhatsApp/imo/Viber ගිණුම් අවභාවිතය වලක්වා ගත හැකියි.
නැතිවූ දුරකථනයේ තිබු Face Book ගිණුම නැවත ලබාගන්නේ කෙසේද ? • Smart ජංගම දුරකථනයක් මඟින් ඔබගේ Face book ගිණුම වෙත පිවිස අනිකුත් උපාංග (Other Device) වලින් ඉවත් වී ගිණුමේ මුරපදය (Password) වෙනස් කරන්න. |