ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් 2025 අප්‍රේල් 29 වන දින බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී "2025 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) දින වැඩසටහන" සාර්ථකව සංවිධානය කරන ලදී. මෙම උත්සවය ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) විසින් මෙහෙයවනු ලබන ගෝලීය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) දින වැඩසටහනට සමගාමීව පවත්වන ලදී.
ගැහැණු ළමයින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය, ආරම්භයේ සිටම වාර්ෂිකව අප්‍රේල් මාසයේ සමරනු ලබන අතර , එමගින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT) යන අංශවල ගැහැණු ළමයින්ගේ සහ තරුණියන්ගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සහ දිරිමත් කිරීම අරමුණු කරයි. 2025 තේමාව වන "අන්තර්ගත ඩිජිටල් පරිවර්තනයෙහි ලා ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ” තුළින් සියලුම දෙනාට සමාන සාධාරණ ඩිජිටල් අනාගතයක් සාක්ෂාත් කර ගැනීම සඳහා තරුණියන්ගේ අත්‍යවශ්‍ය දායකත්වය අවධාරණය කළේය.
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ දී පැවති මෙම උත්සවයේදී මොරටුව විශ්ව විද්‍යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සහ මොබිටෙල් (පුද්ගලික) සමාගමේ කර්මාන්ත විශේෂඥයින් සහ නියෝජිතයින් විසින් අන්තර්ක්‍රියාකාරී සැසි සහ ඉදිරිපත් කිරීම් පවත්වන ලදී. "අන්තර්ගත ඩිජිටල් පරිවර්තනයෙහි ලා ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය: ගුරුවරුන්ට මඟ පෙන්විය හැකි ආකාරය", "ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම: සිසුන් සඳහා වෘත්තීය අවස්ථා සහ අනාගත අපේක්ෂාවන්", " අන්තර්ගත ඩිජිටල් ලෝකයක ගැහැණු ළමයින් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තීය මාර්ග ගවේෂණය කිරීම සහ අවහිරතා තුරන් කිරීම" සහ "ඩිජිටල් යුගයේ දරුවන් ආරක්ෂා කිරීම" ඇතුළු තීරණාත්මක මාතෘකා සාකච්ඡාවලදී ඉස්මතු කරන ලදී. තරුණ කාන්තාවන් සවිබල ගැන්වීම සහ අනාගත අවස්ථා සඳහා මාර්ග විවෘත කිරීම සඳහා පදනමක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ වැදගත්කම මෙම සැසිවලදී පොදුවේ අවධාරණය කෙරිණි.
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ශික්ෂණලාභී ගුරුවරුන් මෙන්ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සමන්විත සහභාගිවන්නන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ක්ෂේත්‍ර පිළිබඳ කාන්තාවන්ගේ අවස්ථා , අභියෝග සහ වැදගත් කාර්යභාරය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගත්හ.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය ක්ෂේත්රවල නියැලි සාර්ථක ආදර්ශ චරිත ගෙන හැර දක්වමින් සහ අනවබෝධතා ඉවත් කිරීම සහ ප්‍රායෝගික මග පෙන්වීම ලබා දීම තුළින් , සහභාගිවන්නන් දිරිමත් කිරීම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සහ වෘත්තීය මාර්ගවල වැඩි කාන්තා නියෝජනයක් ප්‍රවර්ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ඩිජිටල් අන්තර්ගතය සහ ශ්‍රී ලංකාවේ තාක්ෂණික වර්ධනයට සහ නවෝත්පාදනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීම සඳහා තරුණ කාන්තාවන් සවිබලගැන්වීම යන වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාකාරීව සහාය දක්වයි.
පුළුල් පරාස දත්ත (Broadband) සේවා සඳහා...
09 06 2025 - 16:00 PM
Notification to the subscribers of Lanka Bell Limited...
03 06 2025 - 17:00 PM
දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර...
20 05 2025 - 09:00 AM
ගැහැණු ළමයින් සඳහා තොරතුරු සහ...
15 05 2025 - 14:30 PM