ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP) සේවාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ සැලකිරීම් ලබා ගනිමින් සිටී. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස කොමිෂන් සභාව පහත සඳහන් පියවර ගෙන ඇත.
ප්‍රථමයෙන් ම , කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කරන ලදී .
2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගන්නා ලදී.
ඉන්පසු විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලදී. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (NP) සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි) ලිමිටඩ් ( Lanka Number Portability Services (Guarantee) Limited ) (LNPS) නමින් සමාගමක් ස්ථාපනය කරන ලදී.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය Lanka Number Portability Services (Guarantee) Limited ) (LNPS) වෙත ප්‍රදානය කරන ලදී.
දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇත. දුරකථන ක්‍රියාකරු සමුහය විසින් දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය සඳහා අළෙවිකරු තෝරා ගැනීම අවසන් කර ඇත. දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකථන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
ඉන් අනතුරුව , දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු , ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඒ් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරනු ඇත.