ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ (APT) දේශීය පුහුණු පාඨමාලාව 2025 - “සංඛ්‍යාත වර්ණාවලි කළමනාකරණය

17 12 2025 - 10:50 AM

 ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් , ආසියා-පැසිෆික් විදුලි සංදේශ සංගමයේ  (APT)  සහාය ඇතිව, ඉන්දියාවේ සීමාසහිත භාරත් සංචාර් නිගම් සමාගම  (BSNL) සමඟ හවුල්කාරිත්වයෙන් “ සංඛ්‍යාත වර්ණාවලි කළමනාකරණය සහ අධීක්ෂණය” පිළිබඳ පුහුණු වැඩසටහනක් 2025 නොවැම්බර් 24 සිට 28 දක්වා  ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා  ශ්‍රවණාගාරයේදී  පවත්වන ලදී.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ, විකාශනය වෙමින් පවතින නියාමන හා තාක්ෂණික අවශ්‍යතා වලට අනුකූලව , විශේෂයෙන්ම  සංඛ්‍යාත වර්ණාවලිය  සැලසුම්කරණය, කළමනාකරණය සහ අධීක්ෂණය යන ක්ෂේත්‍ර පිළිබඳව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා  වෘත්තිකයන්ගේ හැකියාවන්  වර්ධනය කිරීමයි.

මෙම පුහුණු වැඩසටහන ඉන්දියාවේ සීමාසහිත භාරත් සංචාර් නිගම්(Bharat Sanchar Nigam Limited) සමාගමේ  (BSNL)  සහකාර කළමනාකරු අජේ කේ. තිවාරි මහතා විසින් මෙහෙයවන ලද අතර, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  වර්ණාවලි කළමනාකරණ, ජාල, බලපත්‍ර කළමනාකරණ, තරඟකාරිත්ව, අනුකූලතා සහ ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා අංශ නියෝජනය කරමින් 28 දෙනෙකු මෙම පුහුණු වැඩසටහනට සහභාගී විය.
 

පුවත් සහ සිදුවීම්