දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ සංගමයේ (SATRC) ප්‍රතිපත්ති, නියාමනය සහ සේවා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම
2025 සැප්තැම්බර් 23 සිට 25 දක්වා, කොළඹ, ශ්‍රී ලංකාව
දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ සංගමයේ (SATRC) ප්‍රතිපත්ති, නියාමනය සහ සේවා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ රැස්වීම 2025 සැප්තැම්බර් 23 සිට 25 දක්වා කොළඹ හිල්ටන් කලම්බු රෙසිඩන්සීස් හිදී දකුණු ආසියානු රටවල නියාමන බලධාරීන් , ඉහළ මට්ටමේ නියෝජිතයින්, ආසියා - ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ (APT) අනුබද්ධ සාමාජිකයින් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවය ආසියා- ශාන්තිකර විදුලි සංදේශ සංගමය (APT) විසින් සංවිධානය කරන ලද අතර සත්කාරකත්වය දරන ලද්දේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසිනි. දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ සංගමයේ ( SATRC ) ක්‍රියාකාරී සැලැස්මේ IX අදියර යටතේ කැඳවන ලද මෙම රැස්වීම මාර්ගගත හා මාර්ගගත නොවන සහභාගීත්වයට ඉඩ සලසමින් දෙමුහුන් වැඩසටහනක් ලෙස පවත්වන ලදී.
දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ සංගමයේ ( SATRC) ප්‍රතිපත්ති, නියාමනය සහ සේවා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම (WG PRS) විසින් සාමාජික රටවල් අතර පොදු ප්‍රතිපත්ති, නියාමන සහ සේවා ආශ්‍රිත ගැටළු සාකච්ජා කරන අතර විදුලි සංදේශ ක්ෂේත්‍රයේ මතුවන අභියෝග පිළිබඳ වාර්තා සහ මාර්ගෝපදේශ සකස් කරයි.
කාර්යය පටිපාටි:
දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ සංගමයේ ( SATRC) ප්‍රතිපත්ති, නියාමනය සහ සේවා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම (WG PRS) විසින් පහත සඳහන් කාර්යය පටිපාටිය පවත්වාගෙන යයි:
නායකත්වය::
පවරා ඇති වැඩ අයිතම:
දකුණු ආසියානු විදුලි සංදේශ සංගමයේ (SATRC) ක්‍රියාකාරී සැලැස්ම අදියර IX (2024-2025) ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිපත්ති, නියාමනය සහ සේවා පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායම් හි කාර්යය අයිතම පහත පරිදි වේ:
1997 වසරේ දී ආසියා- ශාන්තිකර විදුලි සංදේශ සංගමය (APT) සහ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) ආසියානු සහ ශාන්තිකර කලාපීය කාර්යාලයේ ඒකාබද්ධ මුලපිරීමක් ලෙස ස්ථාපනය කරන ලද දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ සංගමය (SATRC), දකුණු ආසියානු නියාමන ආයතන උදෙසා විදුලි සංදේශ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියාමනයේ අන්‍යෝන්‍ය හා වැදගත් ප්‍රධාන කරුණු සාකච්ඡා කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කරයි. සංගමය විසින් කලාපීය සහයෝගීතාව වැඩිදියුණු කරන අතර සම්මන්ත්‍රණ, රැස්වීම්, පුහුණු වැඩසටහන් සහ වැඩමුළු හරහා දැනුම බෙදා හදා ගැනීමට පහසුකම් සපයයි. දකුණු ආසියානු විදුලි සංදේශ නියාමකයින්ගේ සංගමයේ (SATRC) ක්‍රියාකාරකම්වලට ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල නියාමන බලධාරීන්ගේ ඉහළ මට්ටමේ නියෝජිතයින්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය ඇතුළත් වේ. කලාපීය වැදගත්කමක් ඇති පොදු ගැටළු සහ කරුණු සාකච්ජා කිරීමෙහි ලා සංගමය නිතිපතා රැස්වේ.
Further details about the event are available at: https://apt.int/apt/SATRC-WGPRS
TRCSL Conducts 2nd Progress Presentations of the Research & Development Program...
29 10 2025 - 09:30 AM
ව්‍යාජ ඇමතුම් සහ පණිවිඩ වලින්...
24 10 2025 - 14:00 PM
Notice of Assignment (NoA)...
03 10 2025 - 12:00 PM
දකුණු ආසියානු විදුලි සංදේශ...
16 09 2025 - 08:30 AM