ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විදුලි සංදේශ ක්ෂේත්රයේ නවෝත්පාදන සහ පර්යේෂණ දියුණු කිරීමට ඇති සිය කැපවීම යලි තහවුරු කරමින් , 2024 වසරේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහනේ පළමු ප්‍රගතිය ඉදිරිපත් කිරීම 2025 මාර්තු මස 25 වන දින සාර්ථකව සිදු කරන ලදී.
ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ විධිවිධාන ප්‍රකාරව , මෙම මුලපිරීම, විදුලි සංදේශ ක්ෂේත්රයේ නැගී එන අභියෝග සාකච්ජා කෙරෙන සහ ප්‍රායෝගික විසඳුම් මෙහෙයවන ලෙස සහයෝගීතා පර්යේෂණ දිරිමත් කරමින්, විද්වත් පරිසරය හා ප්‍රජාව මෙන්ම කර්මාන්ත එකිනෙක සම්බන්ධ කිරීමේ වැදගත් වේදිකාවක් ලෙස ක්‍රියා කරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ රුහුණු විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල දැනට ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති ප්‍රගතිය ඉදිරිපත් කිරීමේ වැඩසටහනට ඇතුළත් විය. මෙම අධ්‍යයනයන් තුළින් අවධානය යොමු වී ඇත්තේ:
මෙම අවස්ථාවට පර්යේෂකයන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පර්යේෂණ කමිටු සාමාජිකයින් සහ කර්මාන්ත නියෝජිතයින් සහභාගි වූ අතර, පර්යේෂණ ප්‍රගතිය සහ අනාගත සහයෝගීතාවයන් පිළිබඳ ඵලදායී සාකච්ඡා වලින් සමන්විත විය.
මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් , ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තාක්ෂණික ප්‍රගතිය ඇති කරන සහ රටේ විදුලි සංදේශ ක්ෂේත්රය ශක්තිමත් කරන පර්යේෂණ සඳහා සහාය දැක්වීමෙහි ලා අඛණ්ඩව ක්‍රියා කරයි.
ගැහැණු ළමයින් සඳහා තොරතුරු සහ...
15 05 2025 - 14:30 PM
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ...
02 05 2025 - 16:00 PM
TRCSL ICT ස්වේච්ඡා වැඩසටහන 2024 - සහතිකපත් ...
08 04 2025 - 15:40 PM
විදුලි සංදේශ ක්ෂේත්රයේ පර්යේෂණ සහ...
02 04 2025 - 16:00 PM