ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිල සංචාරයක නිරත වූ අතර , එතුමා ඉතා සාදරයෙන් හා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබිණි.
මෙම සංචාරය අතරතුර, ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්, නියාමන රාමු සහ ජාතියේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමෙහි ලා විදුලි සංදේශනයේ උපායමාර්ගික කාර්යභාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය සමඟ සාකච්ඡා කළේය.
මෙම සංචාරය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අතර සහයෝගීතා ප්රයත්නයන් ශක්තිමත් කිරීමට සහ අවබෝධය බෙදා හදා ගැනීමට වටිනා අවස්ථාවක් විය. නවෝත්පාදනයන් දිරිගැන්වීම, ඩිජිටල් ප්‍රවේශය පුළුල් කිරීම සහ සියලුම ශ්‍රී ලාංකිකයින් සඳහා ආරක්ෂිත සහ අන්තර්ගත ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැගීම සඳහා වූ අපගේ කැපවීම මෙම සාකච්ජාව තුළින් වඩාත් ශක්තිමත් කරන ලදී.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පැමිණීම සහ දක්වන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සිය අවංක කෘතඥතාවය පළ කරයි. සමාජීය, ආර්ථික සහ සමස්ත සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණයන් සහ යටිතල පහසුකම් භාවිතය සහ ඒකාබද්ධ කිරීම පිණිස වූ ඩිජිටල් සංවර්ධනය හා ඩිජිටල් සම්බන්ධතාවයේ ජාතික ඉලක්ක ප්‍රවර්ධනය කිරීමෙහි ලා අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරමු.
දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර...
20 05 2025 - 09:00 AM
ගැහැණු ළමයින් සඳහා තොරතුරු සහ...
15 05 2025 - 14:30 PM
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ...
02 05 2025 - 16:00 PM
TRCSL ICT ස්වේච්ඡා වැඩසටහන 2024 - සහතිකපත් ...
08 04 2025 - 15:40 PM