ඓතිහාසික වෙන්දේසියකින් පසු 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා තරංග මාලාවන් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) පියවර ගනී
ශ්‍රී ලංකා විදුලි සංදේශ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම වරට පවත්වන ලද තරංග මාලා වෙන්දේසිය සාර්ථකව නිම කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සමත් වී ඇත. මෙම ඓතිහාසික සිදුවීමෙන් අනතුරුව, IMT-2020 (5G) බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සඳහා වන තරංග මාලාවන් නිල වශයෙන් ප්රදානය කෙරිණි.
ඒ අනුව:
3500 MHz තරංග පරාසය යටතේ:
o MHz 100 ක ප්‍රමාණයක් (3400 – 3500 MHz) ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC) වෙත ද,
o තවත් MHz 100 ක ප්‍රමාණයක් (3500 – 3600 MHz) ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT-Mobitel) වෙත ද වෙන් කර ඇත.
27 GHz තරංග පරාසය යටතේ:
o ඉහළ ධාරිතාවයකින් යුත් 5G සේවා ව්‍යාප්ත කිරීම සඳහා MHz 200 ක ප්‍රමාණයක් (27200 – 27400 MHz) ඩයලොග් ආසියාටා පීඑල්සී වෙත වෙන් කර දී ඇත.
මෙම ජයග්‍රහණය තුළින් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අතිශය වේගවත් අන්තර්ජාල පහසුකම්, ඉතා අවම ප්‍රමාද කාලයක් (low latency) සහ මීළඟ පරම්පරාවේ ඩිජිටල් අත්දැකීම් භුක්ති විඳීමට මාවත විවර වනු ඇත.
Verification of Various Payments made online to TRCSL...
20 03 2024 - 11:30 AM
Competition Regulation on Telecommunications...
02 02 2024 - 04:00 AM
Modifications of Condition of Telecommunications System Licenses...
17 01 2024 - 10:30 AM
New Chairman Visits Telecommunications Regulatory Commission...
01 01 2024 - 16:00 PM