ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


ගෙවීම් මාධ්‍ය

  1. ඔබ Govpay මගින් ගෙවන්නේ නම්,
    ඔබගේ මාර්ගගත බැංකු සේවා හරහා රාජ්‍ය ගෙවීම් (Government Payments) යටතේ Govpay සේවාවට පිවිස ආයතනය/ සේවා කාණ්ඩය, මුදල, බලපත්‍ර/ යොමු අංකය නිවැරදිව සඳහන් කර මුදල් ගෙවීම් සිදු කළ හැක.
  2. සතියේ සඳුදා සිට සිකුරාදා දක්වා (රජයේ නිවාඩු දිනයන් හැර) පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා කාලය තුළ ඔබට මුදල් , චෙක්පත් හෝ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් මගින්, අංක 276, ඇල්වි‌ටිගල මාවත, කොළඹ 08 පිහිටි අප ආයතනයේ මූල්‍ය අංශයට පැමිණ ගෙවීම් සිදුකළ හැක.
  3. ඔබ චෙක්පතක් මගින් ගෙවන්නේ නම් , “ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව” නමින් චෙක්පත ලිවිය යුතු අතර එය “ආදායකයාගේ ගිණුමට පමණි” යනුවෙන් රේඛනය කළයුතු වේ.
  4. ඔබට පහත සඳහන් අපගේ ජංගම ගිණූමට සෘජු තැන්පතු / මාර්ගගත ප්‍රේෂණ හරහා තැන්පත් කිරීම කළ හැක.
බැංකුව : මහජන බැංකුව ශාඛා කේතය : 119
ස්විෆ්ට් කේතය : PSBKLKLX ගිණුම් අංකය : 119-1001-4-3693169
බැංකු කේතය : 7135  

ඔබ ඉහත 04 වන ක්‍රමය භාවිතා කරන්නේ නම්, තැන්පතු/අරමුදල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ගිණුමට මාරු කළ වහාම බැංකු තැන්පතු පත්‍රිකාවේ පිටපත සමග ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එවන ලද ප්‍රොෆෝමා ඉන්වොයිසි පිටපත /ලිපි පිටපත/දැන්වීම් පිටපත හෝ වෙනත් අදාල ලේඛන පහත ෆැක්ස් අංකයට/ Whatsapp අංකයට හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට අනිවාර්යයෙන් ම යොමු කළ යුතුය.

තවද, TRCSL යොමු අංකය /බලපත්‍ර අංකය, හෝ ප්‍රොෆෝමා ඉන්වොයිසි අංකය බැංකු තැන්පතු පත්‍රිකාවේ/යොමු ක්ෂේත්‍රයේ සදහන් කිරීම ද අත්‍යවශ්‍ය හා අනිවාර්ය වේ.

ෆැක්ස් අංකය : 0112671679
Whatsapp අංකය : 076 5051900
විද්‍යුත්තැපෑල : Payments@trc.gov.lk

ඉහත කුමන ක්‍රමය භාවිතා කළද, TRCSL අනුමැතීන් ලබාගැනීමට/බලපත්‍ර අලුත් කිරීම සිදු කිරීමට ඔබේ ගෙවීමේ නිල පිළිගැනීම ලෙස TRCSL මූල්‍ය අංශයෙන් නිල ලදුපතක් ලබා ගත යුතුය.

ඉහත මාර්ගෝපදේශ පිළිපැදීමට ඔබ අපොහොසත් වුවහොත්, සිදුවන ප්‍රමාදයන් සඳහා ශ්‍රීලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වගකියනු නොලැබේ.

වැඩිදුර සහය සඳහා කැරුණාකර 0112671680 අමතන්න