
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) රාජ්‍ය සේවා අභියෝගතා කුසලාන 2024 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව සාඩම්බරයෙන් ලබා ගත්තේය.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවේ විවිධ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 16 ක් සහභාගී වූහ. තරඟකාරී තරඟ මාලාවකින් පසුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා කණ්ඩායම සහ අධ්‍යාපන දෙපාර්තමේන්තු කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීය.
අවසන් තරගය 2024 දෙසැම්බර් 13 වන දින කොළඹ ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කණ්ඩායම් නායක නීලංග රණසිංහ මහතාගේ නායකත්වය යටතේ, TRCSL කණ්ඩායම සුවිශේෂී කුසලතා සහ කණ්ඩායම් හැඟීම පෙන්නුම් කරමින් අනුශූරතාවය දිනා ගත්තේය. ඊට අමතරව, නීලංග රණසිංහ මහතා ඔහුගේ කැපී පෙනෙන දස්කම් වෙනුවෙන් ඇගයීමට ලක් වූ අතර තරඟයේ හොඳම පන්දු යවන්නා ලෙසද සම්මානයෙන් පිදුම් ලැබීය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) බන්දුල හේරත් මහතා, කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කළ අතර ඔවුන්ගේ ක්‍රීඩාශීලීත්වය සහ කැපවීම අගය කළේය.
මෙම ජයග්‍රහණය, වෘත්තීමය සහ ඉන් බැහැර විශිෂ්ටතාවය දැක්වීමෙහි ලා ශ්‍රී. ල.වි.ස.නි. කොමිෂන් සභාවේ කැපවීම අවධාරණය කරයි.
International Environment Day 2026 – Guest Lecture at...
11 06 2026 - 15:01 PM
ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ...
19 05 2026 - 13:46 PM
ජංගම දුරකථන ග්රාහකයන් වෙත කරනු...
06 05 2026 - 09:47 AM
හදිසි සන්නිවේදන හැකියාව ශක්තිමත්...
08 04 2026 - 10:10 AM