වර්තමානයේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කරන, එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික; ශ්‍රී ලංකා ගුවන් හමුදාව) මහතා අඛණ්ඩ නිකැළැල් සේවා වාර්තාවකින් හෙබි , උද්‍යෝගිමත් නිලධාරියෙකි. ඔහු සතුව ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර 32 කට වැඩි පළපුරුද්දක් ඇත. ඔහුගේ නායකත්වය සියලුම දෙනාගේ පිළිගැනීමට ලක්ව ඇති අතර සිය කණ්ඩායම් සාමාජිකයින්ට මඟපෙන්වීම ලබා දෙමින් , පවරා ඇති ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහි ලා ඔවුන්ට අභිප්‍රේරණය ලබා දී ඇත. කළමනාකරණ සහ නායකත්ව කුසලතා පිළිබඳ ඔහුගේ වෘත්තීය දැනුම සමඟින්, කෙටිකාලීන සහ දිගු කාලීන ක්‍රියාමාර්ග හරහා විවිධාංගීකරණය වූ ප්‍රවේශයන් ඔස්සේ ඔහු අර්බුදකාරී තත්වයන් සාර්ථකව ජයගෙන ඇත.
ඔහු දේශීය හා විදේශීය කීර්තිමත් විශ්ව විද්‍යාල වලින් තම සේවා ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ අධ්‍යයන හා වෘත්තීමය සුදුසුකම් ලබා ඇත. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගැඹුරු ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුමක් ඔහු සතුව ඇත. ඔහු 1987 ජූලි 21 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 5 වන කැඩෙට් නිලධාරී බඳවා ගැනීම සමඟ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණි. ඔහු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය සහ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය (ආරක්ෂක අධ්‍යයනය) ලබා ඇත. එමෙන්ම ඔහු ඉන්දියාව, පකිස්ථානය, සිංගප්පූරුව, ඊශ්‍රායලය සහ ඕස්ට්‍රේලියාව වැනි විවිධ රටවල විශේෂිත පුහුණුව ලබා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 32 කට අධික ඔහුගේ කීර්තිමත් සේවා කාලය තුළ, ඔහු ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශය තුළ නැගෙනහිර කලාපයේ කලාප සංඥා නිලධාරී, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අංශයේ අණදෙන නිලධාරී, ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉලෙක්ට්‍රොනික මාණ්ඩලික නිලධාරී සහ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු නියෝජ්‍ය අධ්‍යක්ෂ වැනි ප්‍රධාන තනතුරු රාශියක් දරා ඇත.
ඔහුගේ කීර්තිමත් හමුදා ජීවිතය තුළ, ඔහු උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා ගුවන් හමුදා 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්කම සහ පළඳනාව, 50 වන නිදහස් සංවත්සර අනුස්මරණ පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ පළඳනාව, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු සහ නැගෙනහිර මෙහෙයුම් පදක්කම සහ පළඳනාව, පූර්ණ භූමි පදක්කම සහ රිවිරැස මෙහෙයුම් පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.
ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස නිල ලාංඡනය සාඩම්බරයෙන් පැළඳි Y-8 ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කර ඇති නිලධාරියෙකි.