ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




කොරියානු ලෝක මිත්‍රත්ව තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා වැඩසටහන 2025

08 09 2025 - 11:40 AM

කොරියානු ජනරජයේ ජාතික තොරතුරු සමාජ නියෝජිතායතනය (NIA) -  ආසියා ශාන්තිකර විදුලි සංදේශ සංගමයේ  ( APT)  කොරියානු ලෝක මිත්‍රත්ව  තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා  වැඩසටහන 2025.

කොරියානු ජනරජයේ ජාතික තොරතුරු සමාජ නියෝජිතායතනය  (NIA) සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ආසියා- ශාන්තිකර විදුලි සංදේශ  සංගමය(APT) සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගීත්වය ඇතිව  “කොරියානු ජනරජයේ ජාතික තොරතුරු සමාජ නියෝජිතායතනය (NIA) – ආසියා ශාන්තිකර  විදුලි සංදේශ සංගමයේ  (APT) කොරියානු  ලෝක මිත්‍රත්ව  තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා  වැඩසටහන 2025” සාර්ථකව සංවිධානය කරන ලදී.

මෙම වසරේ වැඩසටහනේ දී කොරියානු ජනරජයේ ජාතික තොරතුරු සමාජ නියෝජිතායතනය ( NIA)  විසින් ප්‍රතිලාභී පාසල ලෙස තෝරා ගත්  නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන්ට වටිනා තොරතුරු තාක්ෂණ පුහුණු අවස්ථාවක් ලබා දෙන ලදී. කොරියානු තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා සේවකයින් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්  විසින් 2025 අගෝස්තු 7 සිට 22 දක්වා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ස්ථානික තොරතුරු තාක්ෂණ පුහුණු සැසි පැවැත්වීය.

2011 වසරේ  සිට, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ( TRCSL)  විසින් කොරියානු ජනරජයේ ජාතික තොරතුරු සමාජ නියෝජිතායතනය (NIA), ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) සහ ආසියා ශාන්තිකර  විදුලි  සංදේශ සංගමය  (APT) සමඟ එක්වී    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන සඳහා  ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා සේවකයන් 100 කට වැඩි සංඛ්‍යාවක් යෙදවීමෙහි ලා  සම්බන්ධීකරණ සහ පහසුකම්  කටයුතු සලසා ඇත. මෙම ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ ස්වේච්ඡා වැඩසටහන , ශ්‍රී ලංකා  විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  ප්‍රධාන ධාරිතා ගොඩනැගීමේ  වැඩසටහන් අතුරින් එකක්  ලෙස පිළිගැනෙන අතර,  මෙමගින් විශේෂ අධ්‍යාපන අවශ්‍යතා ඇති සිසුන්ට සහාය වන අධ්‍යාපන ආයතනවල  මෙන්ම   සම්පත් අඩු පාසල්වල  සහ  ඌන පහසුකම් සහිත ප්‍රදේශවල පිහිටි  පාසල්වල සිසුන් සහ ගුරුවරුන්  උදෙසා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය වැඩි දියුණු කිරීම  අරමුණු කර ගෙන ඇත.

පුවත් සහ සිදුවීම්