ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


අරුණ චමින්ද කුකුලේගම මහතා   LLB (OUSL), AAL, ICASL (Intermediate Level), MIT(University of Kelaniya)

 

අරුණ කුකුලේගම මහතා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ලබා ගත් අතර  2010 දෙසැම්බර් මාසයේදී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දෙන ලදී. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයෙන් මධ්‍යම මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත.

2002 වසරේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිට ඇත. ආදායම් නිලධාරියෙකු ලෙස, පුද්ගල, හවුල්කාරිත්ව සහ ආයතනික මට්ටමේ බදු නිරාවරණය සහ නීති අංශයේ සේවා පළපුරුද්ද  අත් කරගෙන ඇත. එමෙන්ම බදු පරිපාලන සහ ධාරිතා ගොඩනැංවීම පිළිබඳ විෂයය ක්ෂේත්‍ර වලට අදාළ දේශීය හා විදේශීය පුහුණුවීම් ලබා ගන්නා ලදී. දැනට ඉහළ මට්ටමේ  ආයතනිකමය  ආයතනයක  නියෝජ්‍ය කොමසාරිස් තනතුර දරමින් සිටියි.