ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


උපකරණ නිෂ්කාශන පද්ධතිය (ECS)

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) සංඛ්‍යාත කළමනාකරණ අංශය විසින් , උපාංග අනුමත කරවා ගැනීම සඳහා වන 'උපකරණ නිෂ්කාශන පද්ධතිය' (ECS) වෙත පිවිසීමේ පහසුකම මේ වන විට ලබා දී ඇති බව සියලුම බලපත්‍රලාභී සැපයුම්කරුවන්ට, තනි පුද්ගල පරිශීලකයින්ට සහ ආයතනික පරිශීලකයින්ට මෙයින් දැනුම් දෙනු ලැබේ.

අදාළ සේවා සහ පහසුකම්

උපකරණ නිෂ්කාශන පද්ධතිය හරහා පහත සඳහන් සේවාවන් ලබාගත හැකිය:

  • මාදිලි අනුමැති ඉල්ලීම්
  • කෙටි පරාස උපාංග (SRD) සඳහා වන අනුමැතීන් – රැහැන් රහිත ජාල සම්බන්ධතා සහ බ්ලූටූත් ඇතුළු අඩු බලැති උපාංග සඳහා.
  • ජාත්‍යන්තර ජංගම උපකරණ අනන්‍යතා අංකය (IMEI) සහිත උපාංග සඳහා වන අනුමැතීන්

වෙළඳ බලපත්‍රලාභීන්ට, තනි පුද්ගල පරිශීලකයින්ට සහ ආයතනික පරිශීලකයින්ට උපකරණ නිෂ්කාශන පද්ධතිය වෙත ප්‍රවේශ වීමේ පහසුකම පවතී. ඒ අනුව, ලියාපදිංචි වෙළඳ බලපත්‍රලාභීන්ට, තනි පුද්ගල පරිශීලකයින්ට සහ ආයතනික පරිශීලකයින්ට උපකරණ නිෂ්කාශන පද්ධතිය හරහා ලබා ගත හැකි අදාළ සේවාවන් සඳහා ප්‍රවේශ වීමට මෙන්ම, එම සේවාවන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ද හැකියාව ඇත.

අංක 2196/51 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇති ගුවන්විදුලි සහ විදුලි සංදේශ පර්යන්ත උපකරණ (RTTE) මාදිලි අනුමැති රීති 2020 ට අනුකූලව, මාදිලි අනුමැති ක්‍රියාවලීන් කළමනාකරණය කිරීම සඳහා ද මෙම පද්ධතිය මඟින් පහසුකම් සලසා ඇත.

ලියාපදිංචි වෙළෙන්දන්ගේ ලියාපදිංචි තොරතුරු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව, ඔවුන්ට අදාළ පද්ධතියට පිවිසීම සඳහා අවශ්‍ය ප්‍රවේශ විස්තර විද්‍යුත් තැපෑල මඟින් ලබා දෙනු ඇත.

තනි පුද්ගල පරිශීලකයින්ට මෙන්ම ආයතනික පරිශීලකයින්ටද වලංගු විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිතයෙන් උපකරණ නිෂ්කාශන පද්ධතිය වෙත සෘජුවම ලියාපදිංචි වී, එම පද්ධතිය තුළ තම පරිශීලක ගිණුම් නිර්මාණය කරගැනීමේ හැකියාව ඇත.

විකුණුම්කරුවන් විසින් සැලකිල්ලට ගත යුතු වැදගත් කරුණු

  1. උපකරණ නිෂ්කාශන පද්ධතිය තුළ සෑම විකුණුම්කරුවෙකුගේම ගිණුම, බලපත්‍රලාභී පරිශීලකයෙකුට අයත් අනන්‍ය විද්‍යුත් තැපැල් ලිපිනයක් සමඟ සම්බන්ධ කර තිබිය යුතුය. එක් විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිත කරමින් විකුණුම්කරුවන් කිහිප දෙනෙකුගේ කටයුතු එකවර කළමනාකරණය කිරීමට අවසර නොමැත.
  2. එකම සම්බන්ධීකරණ නිලධාරියෙකු විසින් විකුණුම්කරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන් කටයුතු කළමනාකරණය කරනු ලබන්නේ නම්, සෑම විකුණුම්කරුගේම ගිණුම සඳහාම වෙනම විද්‍යුත් තැපැල් ගිණුමක් භාවිත කළ යුතුය.
  3. අදාළ උපාංග සඳහා අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් උපකරණ නිෂ්කාශන පද්ධතිය භාවිත කරන සියලුම විකුණුම්කරුවන් සඳහා මෙම අවශ්‍යතාව වහාම බලපැවැත්වේ.
  4. පද්ධති ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, නිෂ්කාශන පද්ධතියේ ද්වාරයට පළමු වරට පිවිසෙන අවස්ථාවේදී, ඔබගේ ලබා දී ඇති මුරපදය වෙනස් කර නව මුරපදයක් සකස් කිරීම අනිවාර්ය වේ.

තාක්ෂණික සහාය

පද්ධතියට පිවිසීමේදී හෝ පද්ධතියෙහි ලියාපදිංචි වී සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවකට මුහුණ දීමට සිදුවුවහොත්, කරුණාකර උපකරණ නිෂ්කාශන පද්ධතියේ සහාය අංශය හා සම්බන්ධ වන්න :

විකල්ප 1: පද්ධතියට පිවිසීමේදී හෝ පද්ධතියෙහි ලියාපදිංචි වී සම්බන්ධ වීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවකට මුහුණ දීමට සිදුවුවහොත්, කරුණාකර උපකරණ නිෂ්කාශන පද්ධතිය සම්බන්ධ සහාය ලබා ගැනීම සඳහා ecshelpdesk@trc.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු වන්න.
විකල්ප 2:https://forms.office.com/r/4ijtGYpQ4n. යන වෙබ් ලිපිනය වෙත පිවිස, එහි ලබා දී ඇති සහාය ඉල්ලීමේ පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කරන්න. එම ඉල්ලීම ඉදිරිපත් කළ පසු, ඔබ ලියාපදිංචි කර ඇති විද්‍යුත් තැපැල් ලිපිනය වෙත අදාළ පණිවිඩයක් යොමු කෙරෙන අතර, අවශ්‍ය ලේඛන ද ඇතුළත් කර එම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීමට ඔබට හැකියාව ඇත.

විකුණුම්කරුවන්, තනි පරිශීලකයින් සහ ආයතනික පරිශීලකයින් උපකරණ නිෂ්කාශන පද්ධතිය සමඟ සම්බන්ධ කිරීමේ කටයුතු සහ උපාංග නිෂ්කාශන ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාමාර්ගවලදී ඔබ විසින් ලබා දෙන සහයෝගය අපි ඉතා අගය කොට සලකන අතර, ඒ වෙනුවෙන් අපගේ ස්තූතිය පිරිනමමු.

උපකරණ නිෂ්කාශන පද්ධතිය (ECS)සම්බන්ධ ගැටළු වාර්තා කිරීම

පුහුණු අත්පොත – විකුණුම්කරුවන් සඳහා

පුහුණු අත්පොත – තනි පරිශීලකයින් සඳහා