ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2026 ලෝක තොරතුරු සමාජ සමුළු සංසදයට

21 07 2026 - 13:47 PM

අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෙකු ලෙස මෙම සමුළුවට සහභාගී වූ අතර, අතිගරු ජනාධිපතිවරයාගේ ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රධාන උපදේශකවරයා වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ද සමුළුව සඳහා සහභාගී විය. ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම, ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් යුත් තිරසාර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ කැපවීම මෙම දූත පිරිස විසින් මෙහිදී අවධාරණය කරන ලදී.

මෙම සංසදයේ දී , අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) මහතා නියාමකයින්ගේ වටමේස සාකච්ඡාවට සහභාගී වූ අතර, එහිදී වර්තමානයේ පවතින නියාමන අභියෝග, වේගයෙන් වර්ධනය වන ඩිජිටල් තාක්ෂණයන් සහ ගෝලීය ඩිජිටල් පරිසර පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය රාමු පිළිබඳ ඉහළ මට්ටමේ සාකච්ඡාවලට සක්‍රීය දායකත්වයක් ලබා දුන්නේය. මෙම මැදිහත්වීම්, නියාමකයින් සඳහා වූ ගෝලීය සම්මන්ත්‍රණය (GSR-26) මාර්ගෝපදේශවල සඳහන් අත්‍යවශ්‍ය පාලන මූලධර්ම හත මත පදනම්ව සකස් කර ඇති ක්‍රියාකාරී මාර්ගෝපදේශ මාලාව (ACT) සමඟ ද පූර්ණ ලෙස අනුකූල විය. 2030 ජාතික ඩිජිටල් ආර්ථික උපාය මාර්ගයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අනුකූලව, විදුලි සංදේශ නියාමන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම, ඩිජිටල් සම්බන්ධතාව පුළුල් කිරීම සහ ඔරොත්තු දෙන හා සියලු පාර්ශ්වයන් ඇතුළත් ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකාව විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන මුලපිරීම් පිළිබඳව ද ඔහුගේ අදහස් දැක්වීම් තුළින් පැහැදිලි කරන ලදී.

පුවත් සහ සිදුවීම්